රට භාරගත යුතු ශක්ති සම්පන්න නායකයා ගෝඨාභය බව මහා සංඝ රත්නයේ සහ ජනතාවගේ අදහසයි!- රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි

August 13, 2019 at 10:53 am | by emanisa.lk

රටේ ඉදිරියට ගෙන යාම සඳහා යහපත් ශක්ති සම්පන්න නායකත්වයක් සඳහා හිඩැසක් මතුව ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා සුදුසු බව බොහෝ දෙනාගේ අදහස බවත් රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහා සංඝ රත්නයේ සහ ජනතාවගේ එම අපේක්ෂා මුදුන්පමුනුවාලීමට කටයුතු කළ යුතු බවත් පෞද්ගලික අභිමතාර්ථයන් දෙවන තැනට ලා මාතෘභූමිය රැක ගැනීමට ප‍්‍රමුඛතාවය දිය යුතු බවත් එහිමියන් වැඩි දුරටත් අනුශාසනා කළේය.

ඊයේ(12) රුවන්වැලි මහ සෑ මළුවේදී පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පැතීමේ අධිෂ්ඨාන පූජාවක් එක්වෙමින් පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් මෙසේ අනුශාසනා කළේය

අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම ආශිර්වාද පූජාව, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මෙහෙයවූ අතර භික්ෂූන් වහන්සේ 1500ට අධික ප‍්‍රමාණයක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

රුවන් වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කළාවියේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම ආශිර්වාද පූජාවට එක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස