රටේ බහුතරය වගේම පොහොට්ටුවේ පිරිසකුත් මට කැමතියි!-සජිත්

August 21, 2019 at 11:26 pm | by emanisa.lk

රටේම බහුතර කැමැත්ත මෙන්ම පොහොට්ටුවේ පිරිසකගේ ආශීර්වාදය ද තමාට ඇතැයි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමාට කිසිදු හදිසියක් නොමැති බවත් ඉතාම සන්සුන් මනසින් තමා කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

නියමිත අවස්ථාවේ අදාළ තීන්දු ගනු ඇති බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

ඊයේ (20) ඇමති සුජීව සේනසිංහගේ නිවසේ පැවති එජාප මන්ත්‍රී හමුවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස