යූඇන්පිය මාස 60න් අලුත් රටක් හදයි! ලංකාව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේග වාර්තාව තබයි!

October 20, 2019 at 10:53 am | by emanisa.lk

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ නවතම ආර්ථික දර්ශක අනුව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය සහිත රට ශ්‍රී ලංකාව බව ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය සතියේ නිකුත් වූ මෙම වාර්තාව මගින් පෙන්වා දෙන ආකාරයට දකුණු ආසියාවේ සාර්ක් රටවල් අතර ඉහළම ආර්ථික වර්ධනය වාර්තා කර ඇත්තේ බංග්ලාදේශයයි. එරට වර්ධන අනුපාතය 8.1%කි. දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ නේපාලයටයි. එහි වර්ධන අනුපාතය 7.1%කි. තුන්වැනි තැන හිමිව තිබෙන ඉන්දියාවේ වර්ධන අනුපාතය 6.5%කි.

මාලදිවයිනේ වර්ධන අනුපාතයද 6.5%කි. භූතානයේ ආර්ථික වර්ධන අනුපාතය 5.3%කි. පකිස්ථානයේ 3.3%ද ඇෆ්ගනිස්ථානයේ 2.7%ක්ද වර්ධන අනුපාතය ලෙස වාර්තා කරද්දී සාර්ක් රටවල් අතර අඩුම ආර්ථික වර්ධන අනුපාතය වාර්තා කරන ශ්‍රී ලංකාවේ 2019 වර්ධන අනුපාතය 2.6%ක් බව ආසියානු සංවර්ධන බැංකුව වාර්තාකර සිටී.

2014 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථක වර්ධන වේගය දෙවෙනි වූයේ ආසියාවේ ජපානයට පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස