යහපාලන ආණ්ඩුව වගේ නීතිය අවභාවිත කරන්න එපා! ප්‍රමාණවත් සාක්ෂි නැතිව කිසිවකුට නඩු පවරන්න එපා! – නීතිඥ ලක්සිරි උණවටුන

November 20, 2019 at 8:01 am | by emanisa.lk

රටේ නීතියේ පාලනය විනය පවත්වා ගැනීම සහ සංවර්ධනයට පොදු ජනතාව සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන කරුණු හතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.

කිසිවෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිව අපරාධ නඩු පැවරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසත්, හිටපු අගවිනිසුරුවරුන් වන මොහාන් පීරිස් සහ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එමගින් පෙන්වා දී ඇති නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹීමට පෙර එම ගිවිසුම් රටේ බහුතර ජනතාව භාවිත කරන සිංහල භාෂාවෙන් ජනතාව අතට පත්කිරීමට ක්‍රියාකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 ව්‍යවස්ථාවේ දැක්වෙන විධි විධාන මේ දක්වා ක්‍රියාත්මක කර නැති හෙයින් ඒ පිළිබඳ අවධානය යොමු කර මෙරට ක්‍රියාත්මක සියලු නීති සහ අනු නීති හැකිතාක් ඉක්මනින් සිංහල භාෂාවෙන් ගැසට් පත්‍රයෙහි පළ කිරීමට කටයුතු කරන ලෙස නීතිඥවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස