සහරාන්ලාට බෝම්බ ගහන්න පාර කැපුවේ මේ ආණ්ඩුවයි! මුස්ලිම් ජනතාව පිටේ අන්තවාදී ලේබලය ගැසුවේ මේ ආණ්ඩුවයි! – නීතිඥ අලී සබ්රි ජනතාවගෙන් ඉල්ලයි….(video)

October 8, 2019 at 12:37 pm | by emanisa.lk

රණවිරුවන් සහ බුද්ධි අංශ දුර්වල කරමින් බුද්ධි අංශ ලබා දුන් ආරක්ෂක වාර්තා 97ක් නොතකා හරිමින් සහරාන්ලාට රටේ බෝම්බ පිපිරවීමට උවමනා පදනම සකස් කර දී මේ රටේ ජීවත් වන අහිංසක සාමකාමී සෑම මුස්ලිම් මිනිසෙකුටම අන්තවාදී ලේබලය ඇලවීමට කටයුතු කළේ වර්තමාන යහපාලන ආණ්ඩුව බව නීතිඥ අලී සබ්රි පවසයි.

මේ මහ විනාශය අප දැන්වත් තේරුම්ගත යුතු බවත් මේ රටේ සියලුම ජනතාව සහෝදරත්වයෙන් ජීවත්විය යුතු බවත් එය ඉටු කිරීමට සජිත් ප්‍රේමදාසට හෝ යූඇන්පියට හෝ කිසිම දිනක නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

මේ රට 2015 කඩා වැටුණු තැනින් නැවත ඔසවා තැබීමට අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට හැකියාව ඇති බවත් ඒ සඳහා විශේෂයෙන් මුස්ලිම් ජනතාව ඒකරාශී විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස