යහපාලන ආණ්ඩුවෙන් විදුලි බලාගාර නොහදයි! පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගනී! වසර 6ට රටට පාඩුව බිලියන 146යි!

March 8, 2020 at 7:29 am | by emanisa.lk

2014 වසරේ සිට මේ දක්වා ගතවූ වසර හයක පමණ කාලය තුළදී ජාතික විදුලිබල පද්ධතියට නව විදුලි බලාගාරයක් එක් නොවීම නිසා රුපියල් බිලියන 146ක පාඩුවක් සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) නොයෙල් ප්‍රියන්ත පවසයි.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගැනීම නිසා සිදුව ඇති එම පාඩුව පියවා ගනිමින් ඉදිරියේදී ඇතිවන බලශක්ති ඉල්ලුම පියවීම සඳහා තවත් විදුලි බලාගාරයක අවශ්‍යතාව මේ මොහොතේ දැඩිව පවතින බවත් රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම පැවසීය.

ඒ සඳහා යෝජිත කෙරවළපිටිය එල්එන්ජී බලාගාර දෙක හෝ නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයට තවත් බලාගාරයක් එක්කිරීම හෝ කඩිනම්ව සිදුකොට බලශක්ති අර්බුදයට විසඳුම් සෙවිය යුතු බව ප්‍රධාන ඉංජිනේරුවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස