ගෝඨාගේ ආණ්ඩුව ප්‍රශ්නය සම්පතක් කරගනී! හිසරදයක් වූ කොළඹ කසළින් විදුලි බලාගාරයක්! බලාගාරයෙන් රටට බෙදන්න විදුලිය!

February 28, 2020 at 10:41 pm | by emanisa.lk

කැළි කසළ භාවිතයෙන් විදුලිය නිපදවන මෙරට ප්‍රථම බලාගාරය ලබන මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත අතර එය මෙරට බලශක්ති ක්ෂේත්‍රෙයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිවන මෙම බලාගාරය හරහා කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල එකතුවන කැළිසකළ තොග දහනය කර ඒ තුලින් මොගා වෝට් 11.5ක විදුලි බලයක් නිපදවීමට දැනට සැලසුම් කර ඇත.

එසේම මේ සඳහා කැළිකසළ මෙට්‍රික් ටොන් 700ක් පමණ භාවිත කිරීමට ඇස්තමේන්තු කර ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වැයකෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය මගින් මෙරට බලශක්ති අර්බුදයට මෙන්ම කැළිසකළ අර්බුදයට ද යම් විසඳුමක් ලැබෙනු ඇති බවද ව්‍යාපෘතිය කළමනාකරණය කරන එයිටිකන් ස්පෙන්ස් සමූහයට අයත් වෙස්ටන් පවර් සමාගම පවසයි.

වසර පුරා පැය 7500ක් මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් නිපදවන මොගා වොට් 9.7 විදුලි බලයක් ඍජුවම විදුලි බල මණ්ඩලය වෙත සැපයෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස