නව විදුලි ව්‍යාපෘති අඩාල කරන්නේ කොමිස් පිට වැඩ මිලට විදුලිය මිලට ගන්නයි! දැනටමත් විදුලි වියදමින් 35%ක් පෞද්ගලික බලාගාර හිමියන්ගේ සාක්කුවලට!

March 23, 2019 at 9:26 am | by admin

හදිසි විදුලි මිල දී ගැනීම් වෙත යොමු වී පෞද්ගලික වාසි ලබාගැනීමේ අරමුණින් බලධාරීන් සූර්ය බලශක්ති විදුලි බලාගාර ඇතුළු අලුතින් විදුලි බලාගාර පිහිටුවීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා ක්‍රියාත්මක නොකර සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක් පසුගිය සඳුදා අක්‍රියවීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම අවස්ථා කිහිපයකදීම අඩපණ විය.

එම විදුලි බිඳවැටීම යථා තත්වයට පත් කළ බව විදුලිබල මණ්ඩලය පැවසුවත් පසුගිය දින කිහිපය පුරාම ඇතැම් ප්‍රදේශවලින් විදුලි විසන්ධිවීම් නැවත නැවතත් වාර්තා විය.

මේ වන විට මෙරට වාර්ෂික විදුලි නිෂ්පාදයෙන් මෙගාවොට් පැය 4000 ක විදුලිය විදුලි බලාගාරවලින් සපායාගැනෙන අතර මෙගාවොට් 900 ක අමතර විදුලිය පෞද්ගලික බලාගාරවලින් මිලදී ගැනීම සිදු කෙරෙයි. රජය විදුලිය සපයා ගැනීම සඳහා දරන මුළු වියදමෙන් සියයට 35 කට අධික ප්‍රමාණයක් ඊට වැයකරනු ලබයි.

ඒ අතර සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රජය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී විදුලි අර්බුද උග්‍ර වනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස