මේක බුදු දහමට ව්‍යවස්ථාවෙන් හිමි ප්‍රමුඛතාවත් නැති කරන්න හැදූ ආණ්ඩුවක්! – ඇල්ලේ ගුණවංශ හිමි

October 22, 2019 at 8:12 am | by emanisa.lk

අද රටට අයිතිකරුවකු නොමැති බවත් රට පාලනය කරන්නේ වෙන්දේසිකාරයින් පිරිසක් බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

යුතුකම සංවාද කවය ඊයේ (21) කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවකට එකතු වෙමින් උන් වහන්සේ මේ බව සඳහන් කළහ.

වර්තමාන ආණ්ඩුව ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් පෝෂණය කරන්නේය යන්න ඉවත් කිරීමට ද මෙම ආණ්ඩුව උත්සාහ කළ බවත් සතර අතින් නැඟුණු දේශප්‍රේමි විරෝධය හමුවේ එම යෝජනාව තාවකාලිකව පැත්තකින් තබා ගෙන අවස්ථාව පැමිණෙන තුරු බලා සිටින බවත් සඳහන් කළේය.

එසේම නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් රට කැබලි 9කට කැඩීමට උත්සාහ කළ බවත් එහිමියන් සිහිපත් කළේය. මේ රට දැය රැක ගැනීමට ඇති අවසන් අවස්ථාව බවත් මේ අවස්ථාව නැති කරගතහොත් රටම ඉවර බවත් ගුණවංශ හිමි අනතුරු ඇඟෙව්වේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස