ලංකාව නෞකා නිෂ්පාදන කර්මාන්ත දිග්විජය කරයි! මීටර් 113ක් දිග නෞකාවක් ජපනුන් වෙනුවෙන් නිපදවයි! (video)

June 22, 2019 at 10:23 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් මෙරට මෙතෙක් නිෂ්පාදනය කළ විශාලම නෞකාව නිමවා ජපන් සමාගමක් වෙත භාර දීමට කටයුතු කර තිබේ.
අධිතාක්ෂණික කේබල් මුහුදු පතුලේ එළීම වෙනුවෙන් නිපද වූ මෙම නෞකාව ශ්‍රී ලංකා නෞකා නිෂ්පාදන කර්මාන්තයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

දිගින් මීටර් 113.1 ක්ද පළලින් මීටර 21.5 ක්ද මීටර් 8.8 ක ගැඹුරකින්ද යුක්ත වන මෙම නෞකාව ටොන් 5757 ක ධාරීතාවකදී මීටර් 7.1 ක උපරිම ගිලුම් දුරකින් සමන්විත වේ. 80 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් සදහා මෙම යාත්‍රාව තුළ සියලු පහසුකම් සමන්විත වන අතර පැයට සැතපුම් 14.5 ක වේගයෙන් යාත්‍රා කළ හැකිය.

අද (22) දිනයේ ජපානය බලා යාත්‍රා කිරිමට නියමිත කේ.ඩී.ඩී.අයි කේබල් ඉන්ෆිනිට් නෞකාව ඊයේ (21) නිල වශයෙන් මෙරට මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජපානය වෙත භාරදීම සිදුකෙරුණි.

කලම්බු ඩොක්යාර්ඩ් පී.එල්.සී ආයතනය ජපානයේ ඔනොමිචි සමාගම සමග එක්ව කටයුතු කර අතර ආයතනයේ සියයට 51ක හිමිකාරිත්වය ජපානයේ ඔනොමිචි සමාගම සතු අතර සියයට 35ක හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන සතුවේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස