පරාක්‍රමබාහු රජුට පසු රට සහලින් ස්වයංපෝෂිත කළේ මමයි! ලංකාව ලෝකේ හොඳම ජංගි මහන රට කළෙත් අපි!

March 4, 2019 at 9:46 pm | by admin

තමා කෘෂිකර්මය නොසලකා හැර ඇතැයි කෙතරම් දොස් කිවුවද 6 වන පරාක්‍රමබාහු රජුගෙන් පසු රට සහලින් ස්වයං පොෂිත කළේ තමන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) පස්වරුවේ බිංගිරිය දුම්මලසූරිය, වතුවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නවතම අපනයන සැපයුම් කලාපයේ ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.

බිංගිරිය දුම්මලසූරිය, වතුවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නවතම අපනයන සැපයුම් කලාපය ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණි.

කිසිවකුට බිය නොවී ඉදිරියට ගොස් මේ රට දියුණු කිරීමේ අභියෝගය තමා භාරගත් බව ද 77 අපනයන කලාප මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවේ ජංගි මසන බවට සමහරු අපහාස කළ ද අද ලෝකයේ හොඳම ජංගි මසන්නේ අපේ රට බව ද අගමැතිවරයා පැවසීය.

තවත් බොහෝ වැඩ ආරම්භ කිරීමට ඇති බව ද ඔක්තෝබර් 26 බලය අතහැර ගියේ නම් මේ කිසිවක් රටට නොලැබෙන බව ද අගමැතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *