මිල සූත්‍රය අහෝසියි!

November 21, 2019 at 3:55 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ආර්ථික කටුයුත අමාත්‍යංශය පවසයි.

සෑම මසකම එම සූත්‍රය අනුව තෙල් මිල සංශෝධනය කෙරිණි. එහෙත් එම සූත්‍රය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර දීමට කිසිවකුට ‌‌නොහැකි විය.

මෙම මිල සූත්‍රය අනුව ලෝක වෙළෙඳපොළේ මිල අඩු වැඩි වන විට එහි වාසිය ජනතාවට ලබා දෙන බව පැවසුව ද ලෝක වෙළෙඳපොළේ මිල පහළ යන අවස්ථාවල පවා ඉන්ධන මිල ඉහළ දැමූ බවට චොදනා එල්ල වෙයි.

දින 52 ආණ්ඩුව සමයේ ද මිල සූත්‍රය අහෝසි කිරීමට කටයුතු කෙරිණි. ‌මෙම මිල සූත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‌යෝජනාවක් බවට ද  චෝදනා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව