මිලේනියම් ගිවිසුමේ ගහන්නේ වාතයේ කාබන්ඩයොක්සයිඩ් අඩු කරන්න! – මරික්කාර්

November 6, 2019 at 6:04 pm | by emanisa.lk

යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ සෛවරීභාවයට හානියක් සිදුවන්නේ නම් එය අත්සන් කිරිමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

අද (06) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

මෙම ගිවිසුම මගින් වාතයට මුදා හරින කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම ප්‍රදානය ආසියානු, යුරෝපා, ලතින් ඇමෙරිකා හා අප්‍රිකා රටවල් ලබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුම 2014 වසරේ මහින්ද රාජපක්ෂ අත්සන් කිරීමට සැලසුම් කළ බවත් දැන් එයට විරුද්ධ වන්නේ එය ආකර්ෂණීය ගිවිසුමක් නිසා බවත් පැවසූ මරික්කාර් මෙම ගිවිසුම අනාගතයේ දී පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් අත්සන් කරන බවත් පැවැසීය.

ඇමෙරිකානු ඩෝල් සමාගමට සෝමාවතියේ ඉඩම් දෙන විට, ෂැංග්‍රීලා හෝටලයට ඉඩම් දෙන විට නිහඩ වූ අය මේ වන විට විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම ගිවිසුම මගින් රටේ බිම් අඟලක් හෝ ඇමරිකාවට හිමි නොවන බවත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස