මාළු අමුවෙන් නම් කන්න එපා! විවිධ රෝගාබාධ ගණනාවක් ඇති වෙන්න පුළුවන්! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය..

November 18, 2020 at 6:37 pm | by emanisa.lk

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුළ ඇති බැක්ටීරියා සහ කෘෂුද්‍ර ජීවී වර්ග ආහාර ජීර්ණ පද්ධතියට දැඩි ලෙස හානි කළ හැකි බවයි.

එහෙයින් මාළු අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බව ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පෙන්වා දෙයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මාළුවෙකු අමුවෙන් ආහාරයට ගැනීම මෙ රට දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සඳහන් කරයි.

මාළු ආහාරයට ගන්නේ නම් අනිවාර්යයෙන්ම හොඳින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙස වෛද්‍යවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස