මාළිගාවත්ත පල්ලියක් අසල ආධාර බෙදයි! නිරෝධායන නීති නොතකා පොර කෑ කතුන් 3ක් මරුට! තුවාල ලැබූ අටෙන් 4කට බරපතළයි!

May 21, 2020 at 5:28 pm | by emanisa.lk

මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපිමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් ක⁣ළේ සිද්ධියෙන් තුවාල ලැබූ තවත් කාන්තාවන් 08 දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි.

අධික තෙරපීම නිසා රෝහල් ගත කළ තුවාලකාරියන් අතරින් සිව්දෙනෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව ද වාර්තා වෙයි.

මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් අසල පුද්ගලයෙකු විසින් මෙම ආධාර බෙදා දීම සිදුකර ඇති අතර එහිදී මෙම තෙරපීම සිදුව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන සැකකරුවන් 06 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස