මාලිංග නැවතත් ක්‍රිකට් ඉතිහාස පොත අලුතින් ලියයි! එකම පන්දු වාරයක ලෝක වාර්තා තුනක් පිහිටුවමින් තරඟයත් දිනයි!

September 6, 2019 at 10:22 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 4කදී කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්කමක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

ඒ සමගම කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය.

අද තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

මෙම තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 125ක් ලැබූ අතර නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 88ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟයේ ජයග්‍රහණය හිමි වූ අතර තරඟාවලියේ ජයග්‍රහණය මුල් තරඟ දෙක ජයගත් නවසීලන්තයට හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස