මළ ගෙදර මුහුණ වසා ගෙන පැමිණි කත සහ සැමියා අත්අඩංගුවට!

May 12, 2019 at 11:35 am | by admin

හලාවත ජයබිම ප්‍රදේශයේ මළ ගෙදරක මුහුණ වසාගෙන පැමිණි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හැවිරිදි මෙම කාන්තාව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙලෙස මුහුණ වසාගෙන පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසිය පැමිණ එම කාන්තාව ද සැමියා ද අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආරක්ෂක හේතූන් මත බුර්කාව හැඳීම තහනම් කළ ද ඇතැම් කාන්තාවන් එම නීතියට අවනත නොවී කටයුතු කරන බව සමාජජාලවල වාර්තා වූ අතර එම අවස්ථා පොලිසියට පැමිණිලි කර නැත. මේ වන විට රට පුරා පළාත් පාලන ආයතන සිය බල ප්‍රදේශවල බුර්කා තහනම් කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස