මහ මැතිවරණ මෙහෙයුමේ නායකත්වය මහින්දට! මැතිවරණ යාන්ත්‍රණ මෙහෙයුම බැසිල්ට! ඉලක්කය 2/3ක බලයක්! – ජනපති

December 17, 2019 at 1:49 pm | by emanisa.lk

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය මෙහෙයවීමේ සියලු වගකීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහ මැතිවරණ ක්‍රියාවලියට නායකත්වය ලබාදෙන අතර බැසිල් රාජපක්ෂ මැතිවරණයේ යාන්ත්‍රණය මෙහෙයවනු ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‍ඊයේ (16) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදීය.

මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට අවශ්‍ය ජනතා බලයක් ලබා ගැනීම අපේක්ෂාව බවත්, ඒ සඳහා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන බලවේගය සතු හොඳම සහ ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස