ජනාධිපති අලුත් ආණ්ඩුවක් හදනවා! නමුත් කිසිම අන්තවාදියෙක් ගන්නේ නෑ! – බැසිල්

November 19, 2019 at 9:14 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී නව ආණ්ඩුවක් ගොඩනඟා මහා මැතිවරණය තෙක් ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

එම ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂ කොටස් හෝ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි කණ්ඩායම් හෝ සම්බන්ධ කර නොගන්නා බව හෙතෙම අවධාරණය කරයි.

2005 තමන් ආණ්ඩුව පවත්වා ගෙන ගියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 89ක් සහිතව බව සිහිපත් කළ බැසිල් රාජක්ෂ මේ අවස්ථාවේ ද 69 ලක්ෂයේ ජනවරමට ගරු කරමින් කිසිදු බාහිර පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන ආණ්ඩුව නිර්මාණය කරන ආකාරය තමන් දන්නා බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුව නියෝජනය කළ ඇතැම් මුස්ලිම් පක්ෂ නායකයන් සිය පක්ෂය සමග එකතු වීමට උත්සාහ කළ ද ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මහින්ද රාජපක්ෂ ද ඔවුන් ආපසු හරවා යැවූ බවත් ඔවුන් දෙදෙනා තමා විශ්වාස කරන බවද බැසිල් රාජපක්ෂ සිහිපත් කළේය.

හිරු  වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස