මහින්ද පැරදුණාම දිමු ගෙදර ගියාට රනිල් යන්නේ නෑ! ගෝඨා දිනුවත් අගමැති රනිල්මයි! – හිරුණිකා

October 17, 2019 at 1:54 pm | by emanisa.lk

එළැඹෙන ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළද අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැසුවාය.

අද කොළඹදී පැවැති මාධය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරයට පත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහට නොමැතිව වෙනත් අයෙකුට අග්‍රාමාත්‍ය තනතුර ලබාදීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත අවශ්‍ය බවද ඇය පවසයි.

එසේ නොමැතිනම් වත්මන් ආණ්ඩුව විසුරුවා හැරීමට වසර හතරමාරක කාලයක් ගතවන බවත් ඒ අනුව වත්මන් ආණ්ඩුවේ වසර හතරහමාරක කාලය අවසන් වන්නේ ලබන වසරේ මාර්තු මාසයේදී බවත් ඇය පෙන්වා දුන්නාය. එතෙක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහට කටයුතු කළ හැකි බවත් ඇය පැවැසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස