ඇල්පිටියේ ඡන්දදායකයන්ගේ තරම සංවිධායකවරිය දැක්කාම පේනවා! ඕක දින්නා කියලා උඩ පනින්න ඕන නෑ! – හිරුණිකා

October 11, 2019 at 9:50 pm | by emanisa.lk

ශ්‍රීලනිපය හෝ  ඒ සමග ගොඩනැඟෙන සන්ධානයට ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයය එජාපයට මැද කොළඹ මෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ඇල්පිටියේ ඡන්දදායකයන්ගේ තරම එහි පොදුජන පෙරමුණේ සංවිධායකවරිය දුටු සිතාගත හැකි බව ද හිරුණිකා ප්‍රකාශ කළාය.

මැද කොළඹ සෑම අවස්ථාවකම එජාපය දිනන්නා සේම ඇල්පිටිය ජයගෙන ඇත්තේ අනෙක් පක්ෂය බවත් එහෙයින් මෙම ජයග්‍රහණය පිළිබඳ උඩ පැනීමේ උවමනාවක් නොමැති බවත් ඇය අවධාරණය කළාය.

ඇල්පිටිය වැනි කුඩා මැතිවරණ කොට්ඨාශයක ඡන්ද ප්‍රතිඵලය ජනාධිපතිවරණය කෙරෙහි කිසිදු බලපෑමක් නැතැයි ද ඇය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස