මහින්ද පරදන්න සජිත් කුරුණෑගලින් සටනට!

February 20, 2020 at 1:49 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගවැදීමට සූදානම් වන්නැයි තමා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කළ බව එජාප කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ ද සඳහන් කරයි.

තම ආරාධනය සලකා බලන බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා එහිදී ප්‍රකාශ කළ බවද අබේසිංහ සඳහන් කළේය.

ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ගම් උදාව ව්‍යාපෘතිය යටතේ මුලින්ම ස්ථාපිත කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‘උදාගම’ ව්‍යාපෘතිය බවත්, එම කාරණයද මීට බලපෑ බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

සියලු කරුණු කාරණ සලකා බලා සජිත් ප්‍රේමදාසට තම දිස්ත්‍රික්කයේ තරග වැදී ඉහළින්ම ජයග්‍රහණය කරවීමට අවශ්‍ය සියලු සහාය දෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ද ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාට කුරුණෑගලින් තරග කිරීම සඳහා තමන් මන්ත්‍රී ආසනය වුවද පරිත්‍යාග කිරීමට සුදානම් බවයි.

2015 මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මෙවරත් එම දිස්ත්‍රික්කයෙන්ම තරග වදින බවට පැවසේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස