එජාපයේ ජනප්‍රියම නායකයා ජනපති ගෝඨාභයයි!

January 28, 2020 at 7:09 pm | by emanisa.lk

වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම නායකයා රනිල් හෝ සජිත් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ජනපති ගෝඨා – අගමැති සජිත් යන එජාප තේමා පාඨයෙන් එය තහවුරු වන බව ඔහු පවසයි.

එහෙත් ලක්ෂ 69ක් ජනතාව කැමැත්ත ලබා දුන්නේ ගෝඨා-මහින්ද සුසංයෝගයට බවත් ගෝඨා-සජිත් ආණ්ඩුවක් කිසිදාක යථාර්ථයක් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

සජිත්ගේ ඩයිනමෝව කෙතරම් හොඳ වුවත් එය බයිසිකලයකට මිස ගෝ්‍ඨාභය වැනි දැවැන්ත නැවකට නොගැළපෙන බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස