මම ජනාධිපති වෙලා දහම් පාසල් ළමුන්ට දිවා ආහාරය නොමිලේ දෙනවා! – සජිත්

August 27, 2019 at 8:49 am | by emanisa.lk

අනාගතයේ තම පාලනයක් යටතේ ශ්‍රී ලංකාවේ සියලුම දහම් පාසල් සිසුන්ට දිවා ආහාරය සහ දහම් පාසල් ඇඳුම නොමිලේ ලබා දෙන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අදත් දහම් පාසල් පැවැත්වෙන්නේ ගස් යට බව සඳහන් කළ ඇමතිවරයා වරක් නොව දෙවරක් ජනාධිපතිකම් කළ මහ ලොකු බෞද්ධයන් ඒ වෙනුවෙන් කළේ කුමක් දැයි ප්‍රශ්න කරයි.

මේ රටේ ජනතාව එළඹෙන ජනාධිපතිවරණයේ දී නිවැරදි තීන්දුවක් ගැනීමත් සමගම වසර 05ක් ඇතුළත ගොඩනැඟිලි නොමැති සියලුම දහම් පාසල් සඳහා සෙවනක් ලබා දෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වුවද බොහෝ දහම් පාසල් දහවල් 11.30 වන විට අවසන් කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස