මම ජනාධිපති වෙලා ජනපති වියදම 90%කින් අඩු කරනවා! – අනුර

October 10, 2019 at 9:54 am | by emanisa.lk

අද අපේ රටේ මුදුනට හෙනගසා ඇති බවත් තමන් බලයට පත්ව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් සීයට අනූවකට වඩා අඩුකරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක හා ජනතා විමුක්ති පෙරමුණෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂයේ නාම යෝජනා ලබාදීමෙන් පසු තම ගම වන තඹුත්තේගම නගරයේ පවත්න ලද පළමු ජන රැලිය අමතමිනි.

“අපි මහජනතාවගෙ සතයක්වත් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවෙ ඉන්න කිසිවෙක් මහජනයාගේ එක සතයක්වත් හොරකම් කරල නෑ. ඔය අය පුළුවන්නම් ගිහින් බලන්න අපේ අම්ම ඉන්න ගෙදරට. ඒ ගෙදරට අත්තිවාරම දැම්මේ රුපියල් අටදහස් පන්සීයක ණයක් අරන් 1988 අවුරුද්දෙයි. නමුත් අවුරුදු 31ක් වෙලත් තාම නිවසේ සාලෙ හදනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස