මම ගෝඨා පිළිබඳ ගත් තීරණය වැරදියි කියන මතයේ එදත් අදත් හෙටත් ඉන්නවා! – වෙල්ගම (video)

August 26, 2019 at 10:19 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේකෂක ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ තමා ගත් තීරණය වැරදිය කියන මතයේ  එදත් අදත් හෙටත් තමා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

තමා කිසි විටක එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදෙන බවත් ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණොත් ජනාධිපතිවරණයට තරඟ කරන බවත් හෙතෙම සඳහන් කරයි.

පළාතේ ජනතාව තමා හඳුන්වන්නේ කළුගම්තොට සිංහයා යනුවෙන් බවත් ගෝඨාභය රාජපක්ෂට තබා තමා කිසිවකුට බිය නැති බවත් ඔහු අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස