මම කිසිම වරදක් කරලා නෑ! පොලිසියත් ඒක සහතික කළා! – රිෂාඩ්

August 2, 2019 at 4:21 pm | by emanisa.lk

තමන් වරදක් කර නොමැති බවත් තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවා නම් එයට මුහුණදීමට සූදානම් බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවැසීය.

වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් අපි මොනවා හරි වැරැද්දක් කරලා තියෙන්න ඕන. මම කිසිම වැරැද්දක් කරලා නෑ කියලා පොලීසියෙන් කිව්වා.

පොලිස්පති කිව්වා මම ගැන මොකක් හරි චෝදනාවක් තිබෙනවා නම් පැමිණිලි කරන්න කියලා. කල් දුන්නා. පරීක්ෂා කළා. කිසි දෙයක් නෑ කියලා කිව්වා. කථානායකතුමාට ඒ ගැන දැනුම් දුන්නා.

ආපහු කියනවා නම් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් ඒක දේශපාලන වැඩක්. ඒකට මුහුණ දෙන්න අපි සූදානම් ”

ඉදිරි මැතිවරණවලදි තම පක්ෂය කුමන පාර්ශ්වයකට සහාය දක්වනවාද යන්න පිළිබඳව හෙට (03දා) පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස