මධුමාධව පිවිතුරු හෙළ උරුමයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි!

October 8, 2019 at 11:21 pm | by emanisa.lk

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඉදිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සමග ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මීට හේතු වී තිබේ.

මෙම ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නායකයන්ගේ දැඩි අවධානයට යොමු වී ඇති අතර බොහෝ දෙනෙකු එම ප්‍රකාශයට සිය අප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස