මතුගමත් බුර්කාව තහනම්!

May 11, 2019 at 9:16 am | by admin

මතුගම ප්‍රාදේශීය සභාවේ බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත විය. පසුගියදා මතුගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්‌වීම් සභාපති මෙරිල් මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්‌ථාවේදී සභාපති මෙරිල් මුණසිංහ මහතා විසින් රටේ පවතින අර්බුදකාරී අවස්‌ථාවේදී බුර්කාව හේතුවෙන් ජනතාව පත්වන අනාරක්‍ෂිත තත්ත්වය සලකා බුර්කාව තහනම් කිරීමට යෝජනා කළේය.

එහිදී උප සභාපති ලලිත් රණසිංහ මහතා අදහස්‌ දක්‌වමින් රජය හදිසි නීතිය යටතේ බුර්කාව තහනම් කර ඇති බවත් අප ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරලීමට මතුගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේද බුර්කාව තහනම් කළ යුතු යෑයි සභාපති මෙරිල් මුණසිංහ මහතාගේ යෝජනාව අනුමත කරන බවත් පැවසීය.

ඒ අනුව පක්‍ෂ විපක්‍ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ අනුමැතියෙන් ඒකමතිකව මතුගම ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශයේ බුර්කාව තහනම් කිරීමට සම්මත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස