භික්ෂූන් වහන්සේලා ජනාධිපති අපේක්ෂකයන්ට ආශීර්වාද කිරීම වරදක්! – මැකො

October 9, 2019 at 10:00 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂකයන්ට භික්ෂූන් වහන්සේලා සහ පූජකවරුන් ආශීර්වාද කිරීම වරදක් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

“ජනාධිපති අපේක්ෂකයෙක් විහාරස්ථානයකට ගිය පසු භික්ෂුන් වහන්සේ ඔහුට පිරිත් නූලක් බැඳ ඔබට රත්නත්තරේ පිහිටයි. මේ කළ පිනෙන් ඔබ ජනාධිපති වේවා යැයි කිව්වත් එය වැරැද්දක්.

ඒවගේම අපේක්ෂකයෙකු ක්‍රිස්තියානි පල්ලියකට ගිය පසු පියතුමා විසින් ඔබට ජේසු පිහිටයි. ඔබට ජනාධිපති වීමට දේව පිහිට ලැබෙනවා යැයි කීවත් එයද වරදක්”

මැතිවරණ සමයේ ආගමික ස්ථාන දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බවද සභාපතිවරයා සඳහන් කළේය.

පුවත්පත් කර්තෘවරුන්ට මාධ්‍ය උපමාන පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (08 වැනිදා) ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැති වැඩසටහනකදී සභාපතිවරයා මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස