ජනාධිපතිවරණය කල්දමන පෙත්සම විභාගයට නොගෙනම විසිකරයි!

October 4, 2019 at 11:58 am | by emanisa.lk

නොවැම්බර් මස 16 දා ජනාධිපතිවරණය පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවීමට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය.

මෙම පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට නියෝග කරනු ලැබිණි. මෙම පෙත්සම ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා විසින් ගොනු කරනු ලැබුවේය. මේ පිටුපස සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවට සමාජමාධ්‍යවල අදහස් පළ වී තිබිණි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එම කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස