බුර්කා නිකාබ් අනුරාධුපුරෙත් තහනම්!

May 9, 2019 at 12:46 pm | by admin

රටේ පවතින ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන අනුරාධපුර නගරයේ පොදු ස්ථානවල බුර්කා නිකාබ් ආදීය හැඳ ගැවසීම තහනම් කිරීමට අනුරාධපුර නගර සභාව ඒකමතිකව තීන්දු කර තිබේ.

නගරාධිපති එච්.පී. සෝමදාස මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර මේ අනුව බුර්කාව හා නිකාබය හැඳ මුහුණු ආවරණය කරගෙන රජයේ අනුරාධපුර නගරයේ කාර්යාල හා පුද්ගලික ආයතනවලට, පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම්ය.

මෙයට පෙර කුරුණෑගල නගර සභාව ද බුර්කාව තහනම් කිරීමට කටයුතු කළේය. කෙසේ වුවද ජනාධිපතිවරයා මෙතෙක් ඒ සඳහා කටයුතු කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස