බ්‍රිගේඩියර් ප්‍රියංකට රාජ්‍යතාන්ත‍්‍රික මුක්තිය හිමියි! – ලංකා ආණ්ඩුව අවධාරණය කරයි….

December 9, 2019 at 9:10 am | by emanisa.lk

රාජ්‍යතාන්ත‍්‍රිකයකු ලෙස ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි බ්‍රිගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට රාජ්‍යතාන්ත‍්‍රික මුක්තිය හිමි වන බව ශ‍්‍රී ලංකා රජය තරයේ ප‍්‍රකාශ කර සිටියි.

1961 රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තියට අනුව එය හිමිවන බව රජය අවධාරණය කරයි.

2018 වසරේ පෙබරවාරි මස හතරවැනිදා එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ගේ විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේ එම විරෝධතාකරුවන්ට තර්ජනය කළ බවට චෝදනා ලත් බ්‍රිගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු ඊට වරදකරු බව වෙස්ට්මිනිස්ටර් අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව ශ‍්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයේ ඉහත කරුණු අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස