බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව දින 13කට පසු බ්‍රිතාන්‍ය ඉල්ලා අස්කර ගනී!

February 2, 2019 at 6:27 am | by admin

බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාරව සිටි යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුට එරෙහිව වෙස්ට් මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබු වරෙන්තුව නිල වශයෙන් යළි කැඳවීමට එම අධිකරණය අද (02) පියවර ගෙන ඇත.

ඒ ඉකුත් වසරේ පෙබරවාරි මස 04 වනදා සිදුවූ සිදුවීමක් හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ මහජන නිතිය උල්ලංඝණය කල බවට චෝදනා කරමින් කොටි හිතවතුන් විසින් පවරා තිබු නඩුවකට අදාලළව ජනවාරි මස 21 වනදා එම අධිකරණය විසින් ම නිකුත් කළ වරෙන්තුවකි.

අද දිනයේදී නඩු විභාගයේදී අධිකරණය එරට විදේශීය කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට දැනුම් දී ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු රාජ තාන්ත්‍රික මුක්තිය හිමි නිලධාරියෙක් ද යන්න අධිකරණයට දනුම් දෙන ලෙසයි. මෙහි දී බ්‍රිගේඩියර්වරයාට රාජතාන්ත්‍රික මුක්තිය හිමි බව අනාවරණය විය.

මෙම නඩු කටයුත්තට අදාළ නීති කටයුතු සම්පාදනය කරන ලෙස දන්වා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මිට පෙර දැනුම් දී තිබුණි.

කෙසේ වුවද රාජකාරියේ නිරත වූ බ්‍රිගේඩියර් ප්‍රියංක බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *