පෞද්ගලික රෝහල් දවසකට PCR 1200ක් කරනවා! රජයේ ආයතන 24කට 10 000ක් කරන්න බෑ! – වෛද්‍ය නවීන් ද සොයිසා

November 1, 2020 at 10:16 am | by emanisa.lk

ඇතැම් පෞද්ගලික රෝහල් දිනකට PCR පරීක්ෂණ 1200ක් පමණ සිදු කරන නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 24ක්ම එකතුවීත් දිනකට PCR පරීක්ෂණ 10,000ක් කර ගැනීමට බැරි තත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

“වසංගත රෝග විද්‍යා අංශය පෙන්වලා දෙන විදියට මේ වෙලාවෙ ලක්ෂයක්වත් වෛරල් ට්‍රාන්ස්පෝට් මීඩියම් එක අපි ගාව තියෙන්න ඕනෙ. නමුත් මේ මොහොත වෙනකොට අපට පේනවා 25,000ක විතර ප්‍රමාණයක් තමයි තියෙනවා කියලා කියන්නෙ.

එතකොට අපි දකිනවා මුල්ලේරියාව රෝහලේ පීසීආර් යන්ත්‍රය මේ වෙනකොට ක්‍රියා විරහිත බවට පත්වෙලා. ඒ වගේම එම රෝහල තුළදීම යම් ආකාරයකට පීසීආර් පරීක්ෂණ 15,000ක් පමණ කරන්න තිබිච්ච කට්ටල කල් ඉකුත් වෙලා තියෙනවා.

සමහර පෞද්ගලික රෝහල්වල ඔවුන් දිනකට පරීක්ෂණ 1,200ක් විතර කරනවා. එතකොට අපේ ආයතන 24ක් තුළ අපට බැරිවෙලා තියෙනවා 10,000ක් කරගන්න. ඒකට හේතුව මොකක්ද?

ඒ වගේ ම කරාපිටියෙ රෝහලෙත් මේ පරීක්ෂණ සංඛ්‍යාව කරගන්න ලැබෙන යටිතල පහසුකම් ප්‍රමාණය ගැන ගැටළුවක් තියෙනවා. දවස් පහක් පරක්කු නම් පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ලැබෙන්න, අපි රටේ තත්ත්වය දවස් පහක් පිටිපස්සෙන් ඉඳන් තමයි සමාලෝචනය කරමින් ඉන්නේ”.

වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (31) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස