corona# තවත් පොකුරක් සක්‍රීය වෙයි! අලුත් ආසාදිතයන් 40ක්!

June 23, 2020 at 11:21 pm | by emanisa.lk

ඉන්දියාවේ සිට පැමිණි පිරිස අතරින් තවත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

එසේම අමෙරිකාවේ සිට පැමිණි 11 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.

ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1991 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

මේ සියලු දෙනා විදෙස්වල සිට පැමිණි අය වන අතර අද (23) වන විට දින 50කින් මෙරට සමාජයෙන් ආසාදිතයකු හමු වී නොමැත. සමාජයේ සිදුකළ නියැදි PCR පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂයකට ආසන්නය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *