PCR සාම්පල් විසිදාහක් හිරවෙලා! ඒ අතරේ පොසිටිව් 600ක් ඉන්නවා! ඉක්මන් නොවුණොත් මළමිනී ගොඩගැහෙයි! – GMOA

October 31, 2020 at 7:49 am | by emanisa.lk

PCR පරීක්ෂණ 20,000ක පමණ ප්‍රමාණයක් ප්‍රතිඵල නිකුත් කරගැනීමට නො හැකිව දැනට ගොඩගැසී ඇති බවත් ඇතැම් ප්‍රදේශවල සතියකට පෙර ලබාගත් සාම්පලවල පවා ප්‍රතිඵල ලැබී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

“මේ මොහොතෙ දි රෝගීන් නැහැයි කියලා කිලිනොච්චියයි මුලතිවුයි දිස්ත්‍රික්ක දෙක අතෑරලා දලා එතන ආවේක්ෂණ කටයුතු නැවැත්තුවොත් ඊළඟ පොකුර මුලතිව් හෝ කිලිනොච්චියෙන් පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඒකාකාරීව මේ අවධානය යොමුකිරීම වැදගත් වෙනවා.

සමහර ප්‍රදේශවල සතියකට කලින් ගත්තු සාම්පල්වල ප්‍රතිඵල තාම ඇවිල්ලා නෑ. මේක ඉතා ම කණගාටුදායක තත්වයක්. සාමාන්‍යයෙන් 100කට බැලුවොත් 2.5-3ක් වගේ පොසිටිව් වෙනවා. එතකොට මේ හිරවෙලා තියෙන 20000 ඇතුළෙත් අපි ඒ ගාණ උපකල්පනය කළොත් මේකෙ ප්‍රතිඵල එනකොට අඩුම ගාණ තව 500-600ක් පොසිටිව් වෙන්න ඕනෙ. මේක මේ අද නතර වෙන ප්‍රශ්නයක් නෙවෙයි.

සමහර ප්‍රදේශවල සමාජ නියැදිවලට තැනක් දීලාම නෑ. ජනාධිපතිතුමනි, කරුණාකර ඒ වාර්තාව කැඳවන්න. එතකොට තමයි ඔබතුමාට තේරෙන්නෙ මේ සම්බන්ධයෙන් වග කිවයුතු අය කොහොමද වැඩ කරලා තියෙන්නෙ කියලා. වයඹ පළාත තුළ – කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන අවදානමත් එක්ක – සමාජ නියැදි පරික්ෂා කිසිවක් සිදුවෙන්නෙ නෑ. දවසකට කුරුණෑගල දිස්ත්‍රික්කයට ම ලැබෙන්නෙ PCR පරීක්ෂණ කරන්න උපකරණ කට්ටල 50ක වගේ ප්‍රමාණයක්. ඒ 50න් කොහොමද සමාජ නියැදි කරන්නෙ?

මාතර අපට කතා කළා, මාතර මේ වෙනකොට ගත්ත සාම්පල් 3000 විතර ප්‍රතිඵල එන්න තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළෙ දවස් 5-6කට කලින් ගත්ත සාම්පල් ප්‍රතිඵල තාම ඇවිල්ලා නෑ. මරණ අපෙ ඉස්සරහ ඇවිල්ලා ගොඩ ගැහෙනකල් ඉන්නෙ නැතුව කරුණාකරලා මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරලා ඒකෙ තියෙන අවදානම ජනතාවට කියන්න”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස