පොලිස් හමුදා ආරක්ෂාව මැද වෙසක් සැමරීම සතුටක් නෙමේ! ආණ්ඩුවේ සංහිඳියාව නිසා තමයි රටට මෙහෙම වුණේ! – අස්ගිරි මහනාහිමි සංහිඳියා බණ කියන්න ගිය ඇමතිගේ මූණටම කියයි…(video)

May 28, 2019 at 7:35 am | by admin

මහ මග කොඩි දැම්ම පමණින් වෙසක් උත්සවය හොඳින් පැවැත්විය යුතු වූයේ සතුටු විය නොහැකි බවත් පන්සලේ හමුදා පොලිස් ආරක්ෂාව යටතේ ආගමික කටයුතු කිරීමට සෑමදාම සිදු කළ නොහැකි බවත් අස්ගිරි පාර්ශවයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසයි.

උන් වහන්සේ මෙම අදහස් දැක්වූයේ එහි පැමිණි ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරාට සමගය.

බෞද්ධයන් සංහිඳියාව සඳහා කටයුතු කළ ද අනෙක් පාර්ශවය සිය ව්‍යාප්තිය සඳහා අවශ්‍ය සාමකාමී වටපිටාව නිර්මාණය කර ගැනීමට එය අවභාවිත කළ බව පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමි පෙන්වා දෙයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් භික්ෂූන් වහන්සේලා විවේචනය කරන බවත් ආණඩුව භික්ෂූන් වහන්සේලා සිරගත කළ බවත් මෙම වැඩපිළිවෙළට තමා විරුද්ධ බවත් අස්ගිරි මහනාහිම පෙන්වා දෙයි.

මහනාහිමිගේ ඍජු අදහස් දැක්වීම හමුවේ ඇමතිවරයා නිරුත්තර වනු දැකගත හැකි විය. භික්ෂූන් වහන්සේලා මේ ආකාරයට දේශපාලකයන්ට ඍජුව අදහස් නොදැක්වීම පිළිබඳ පසුගිය සමයේ බොහෝ දෙනා කතා කළේ කනස්සල්ලෙනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස