පැරෂුට් පිම්මක් වැරදි හමුදා පුහුණු නිලධාරියෙක් මරු තුරුළට!

August 20, 2019 at 1:22 pm | by emanisa.lk

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතුවල නිරතව සිටි යුද හමුදාවේ බලලත් පුහුණු නිලධාරියකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මරුමුවට පත්ව තිබේ.

අද උදෑසන ඔහු ආධුනික භටයින් පුහුණු කිරීමේදී අඩි දහදාහක් පමණ ඉහළ සිට පහළට පැනීමේදී මෙම අනතුර සිදු වී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් නිලධාරී(II)එච්.එච්.ඒ. සී . කුමාරසිංහ නැමැති නිලධාරීයෙකි.

ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවක තිබී එම නිලධාරීයාගේ සිරුර හමු වී ඇති අතර ඔහු අම්පාර රෝහලට ඇතුළු කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස