පාස්කු ප්‍රහාරය ගෝඨාගේ ඇඟේ ගහන්න සහරාන්ගේ බිරිඳ යොදාගැනීමේ කුමන්ත්‍රණයක්!

November 5, 2019 at 10:28 pm | by emanisa.lk

පසුගිය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලකයන් බවට සහරාන්ගේ බිරිඳ ද යොදාගෙන ද්වේෂ සහගත මඩ ප්‍රචාරයක් කිරීමට ආණ්ඩුව සැලසුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා සහරාන් හෂීම් කොළඹ දී මරාගෙන මැරුණු අතර සයින්දමරුදු පුපුරුවා ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳගේ ජීවිතය බේරිණි. පොලිස් අත්අඩංගුවට පත් ඈ තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ඇත.

ආණ්ඩුවේ බලධාරීන් ඕනෑ තරම් මුදල් ලබා දෙන බව පවසා මෙම ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණ සම්බන්ධ බවට ඈ ලවා ප්‍රකාශයක් කරවා ගැනීමට උත්සාහ කරමින් සිටින බව මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

ජනාධිපතිවරණයේ දී අත්වන පරාජයෙන් වියරූ වැටී මෙවැනි බාල ගණයේ නිවට වැඩ නොකරන ලෙස සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටින බව ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස