පාස්කු ප්‍රහාරයේ වින්දිත ළමුන් රැකගන්න අරමුදලක්! විදෙස් ප්‍රතිකාර අවශ්‍ය නම් අතහිත සෞඛ්‍ය අමාත්‍යංශයෙන්!

June 26, 2019 at 5:45 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් අසරණභාවයට පත්වූ ළමුන් 33 දෙනා රැකබලා ගැනීම සඳහා සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ස්ථිර වැඩපිළිවෙලක් වශයෙන් භාරකාර අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනය කරයි. මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන මේ සඳහා දැනටමත් වෙන් කොට ඇත.

එසේම, මෙම අරමුදල සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් බාහිර ප්‍රදාන මගින් ලබා ගැනීමට අපේක්ෂිතය. මෙයට අමතරව හානි පූර්ණ කාර්යාලය හරහා ද මෙම ළමුන්ට අවශ්‍යතාවය පරිදි ආධාර සලසනු ඇත.

දැනට රෝහල්ගත වී සිටින්නන්ට විදෙස් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් රජයේ වියදමින් ඔවුන්ට විදෙස් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් සකසා තිබේ.

එසේම මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීමට ද, හානියට පත් දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් රජය කටයුතු කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස