පාස්කු ප්‍රහාරය නිසා ආණ්ඩුව විතරක් නෙමේ විපක්ෂයත් ජනතාවට එපා වුණා! – අගමැති

May 12, 2019 at 6:29 pm | by admin

පාස්කු ප්‍රහාරය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතාව විශ්වාසය නැති වී ගිය බවත් එදින රාත්‍රී 9ටත් පෙර දෙමටගොඩ පළමු සැකකරුවන් පිරිස අල්ලා ගත් නිසා ආණ්ඩුවේ යාන්ත්‍රණය කෙරෙහි ජනතා විශ්වාසය තරමක් දුරට රැකුණ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම ප්‍රහාරය නිසා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයන් ගැන පැවති විශ්වාසය ද නැති වූ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වෙන විට සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් මැති ඇමතිවරුන් හෝ කිසිවකු ආරක්ෂා කිරීමට තමා සූදානම් නැති බවත් කිසියම් තොරතුරක් ඇත්නම් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කරන ලෙසත් අගමැතිවරයා ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස