පාස්කු ප්‍රහාරයට වඩා ගෝඨාගේ නම ඡන්ද හිමි නාම ලේඛනේ තියෙනවාද හොයන එක ආණ්ඩුවට වැදගත් වෙලා! – විපක්ෂ නායක

September 4, 2019 at 12:00 am | by emanisa.lk

පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රාහාරය ගැන හොයනවාටත් වඩා ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ නම 2005 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත්ව තිබුණේ දැයි සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැදගත් වී ඇති බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ පවසයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 20 අධික නිලධාරීන් පිරිසක් හම්බන්තොට නගරයට පැමිණ සිටින බවද ඔහු කීය.

විපක්‍ෂනායකවරයා මෙසේද සඳහන් කළේය.

“දැන් ප‍්‍රසිද්ධියේ මිනිස්සු මරනවා. ඒව ගැන හොයන්නේ නැහැ. අපරාධ ගැන හොයනවට වඩා ගෝඨාභයගේ නම 2005 ඡන්ද නාම ලේකණයට ඇතුළත්ව තිබුණද කියල හොයන එක අපරාධ පරීක්‍ෂ දෙපාර්තමේන්තුවට වැදගත්ව වෙලා. ඔවුන්ට මේ දවස්වල තියෙන ලොකුම වැඩේ ඒකයි.

ඒ විතරක් නෙවෙයි ඔහු විදේශ ගමන් බලපත‍්‍රය වෙනස් කර ගැනීම සම්බන්ධයෙනුත් අද දිනය ඇතුළත වාර්තාවක් කැඳවා තිබෙනවා.”

කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (3) පැවැති සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිතයන්ගේ මහ සමුළුවට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස