පාඨලී අත්අඩංගුවට ගත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවයි! ආණ්ඩුවේ කිසිම මැදිහත් වීමක් නෑ!- හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි

December 20, 2019 at 2:26 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ කටයුතු සිදුව ඇත්තේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව බව හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමට පෙර වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා දැනුම්වත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවය.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරුණු නීතිමය කටයුතු සඳහා ආණ්ඩුව කිසිදු ආකාරයකින් අතපෙවීමක් සිදුකර නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස