පළාත් සභා ඡන්ද තියන්න බැරි වුණොත් සභාපතිකමින් ඉල්ලා අස්වෙනවා! හැබැයි සාමාජිකයෙන් විදිහට කොමිසමේ ඉන්නවා!- මැකො

August 4, 2019 at 9:09 am | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයට පසු තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය පවසයි.

පළාත් සභා ඡන්දය සඳහා අවම වශයෙන් දින 60ක කාලයක් අවශ්‍ය බව පැවසූ සභාපතිවරයා මෙම අගෝස්තු මස 15 දිනට පෙර ඒ ගැන තීන්දුවක් ගත යුතු බව අවධාරණය කළේය.

එදිනට පෙර පළාත් සභා ගැන තීන්දුවක් නොගතහොත් නියමිත පරිදි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද සභාපතිවරයා පැවසීය.

එලෙස ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයා දිවුරුම්දුන් විගස තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත්වන බව සභාපතිවරයා වැඩිදුරටත් කීය.

එලෙස තනතුර හැරයන්නේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත්වන බවට දුන් ප්‍රතිඥාව අනුව යැයිද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද තමා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුවද එහි සාමාජිකයකු ලෙස කටයුතු කරන බව ඔහු මෙයට පෙර පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස