පන්සලේ මගේ පින්තූරේ ගහන්න ඕන! නැත්නම් සල්ලි දෙන්නේ නෑ! – මංගල

July 7, 2019 at 12:27 pm | by emanisa.lk

ආණ්ඩුව අරමුදල්වලින් ඇතැම් පන්සල්වල සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල තමන්ගේ පින්තූර ගැසීමට ඉඩ ලබා නොදෙන බව පවසා ඇති බවත් අපේ ආණ්ඩුවේ මුදල් හොඳ නම් තමන්ගේ පින්තූරය නරක් වීමට හේතුවක් නැති බවත් ඇමති මංගල සමරවීර පවසයි.

තමන් පින්තූර පිළිබඳ සැලකිල්ලක් නොදක්වන නමුත් යම් තීන්දුවක් අනුව කටයුතු කරන්නේ නම් එය තැනින් තැනට වෙනස් විය නොහැකි බවත් තමන්ගේ පින්තූර නැත්නම් ඒවාට මුදල් ගෙවීම ප්‍රශ්නයක් විය හැකි බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්නට දක්ෂයකු බවත් 1997 තමන් සහ ෆයුසි ඇමතිවරයා මුල්ගල තැබූ දක්ෂිණ අධිවේගයට අවසානයේ මහින්ද සිය නම දමා ගත් බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස