පක්ෂය පොල් පිත්තක් දැම්මාත් දිනවන පාක්ෂිකයෝ අපට ඉන්නේ! ජනාධිපතිවරණයට එන්න ඕන නායක රනිල්! – සරත් ෆොන්සේකා

September 5, 2019 at 10:25 am | by emanisa.lk

කුරුණෑගල පැවැත්වෙන්නේ එජාප රැලියක් නම් පක්ෂ මූලස්ථානයේ ආශීර්වාදය ලැබිය යුතු වුවත් එය කිහිප දෙනෙකුගේ පෞද්ගලික රැස්වීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

රටේ බස් ඇති නිසා ඕනෑම අයකුට රට පුරා යා හැකි බවත් බදුල්ලට ගිය පිරිස මාතරට ගොස් ඊළඟට කුරුණෑගලට පැමිණෙන බව ඔහු පවසයි.

පක්ෂයේ විනයට ගරු නොකරන අය පක්ෂයට හානියක් බවත් රටට නායකත්වය දීමට සූදානම් වන අය පළමුව විනයගරුක විය යුතු යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

පක්ෂය තීන්දු කර මැතිවරණයට පොල්පිත්තක් දැම්මත් ජයග්‍රහණය කරවන පක්ෂයක් තමන්ට ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමක් ඇති බවත් ඔහු හෙළි කළේය.

පක්ෂ නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය යන මතයේ තමා සිටින බවත් නායකයා සිටිය දී වෙන කිසිවකු ඉදිරිපත් කිරීම කළ යුතු නැති බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස