නීතියට කොකා පෙන්නූ රාජිත හැංඟිලා හිටියේ මහින්දගේ ගෙදර!

December 27, 2019 at 7:10 am | by emanisa.lk

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න සැඟවී සිටින්නේ අගමැති මහින්ද රාජපක්ෂගේ නිවසේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

එහෙයින් රාජිත අත්අඩංගුවට ගැනීමට උවමනාවක් ඇත්තේ නම් රහස් පොලිසිය යා යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නිවසට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව හෙළි කළේය.

රහස් පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් ආණ්ඩුව විසින් රාජිත සේනාරත්න රැකගන්නා ගමන් එම නිලධාරීන් රස්තියාදු කරවන බවත් ඔහු කියා සිටියේය.

පැවති ආණ්ඩු සේම මෙම ආණ්ඩුවේ ද සිදුකරන්නේ දූෂිතයන්ට දඬුවම් දීමක් නොව ජනතාවට මායාවක් පෙන්වීම බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස