නැඟෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ අල්ටකියා සළුපිලි ගැළවෙයි! පාස්කු ප්‍රහාරයට පසුදා සෞදි පිරිසක් සමග පාසිකුඩා සුපිරි හෝටලයක මහ රෑ රහස් හමුවක්! (video)

June 2, 2019 at 8:52 pm | by admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින එනම් අප්‍රේල් මස 22 දින ‍රාත්‍රී පාසිකුඩා හී සුපිරි හෝටලයකට පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුලා එහි සිටි සෞදි පිරිසක් හමු වී පැයක පමණ කාලයක් සාකච්ඡාවක් කර තිබේ.

මෙම සෞදි පිරිස අප්‍රේල් මස 18 වන දින එනම් පාස්කු ප්‍රහාරයට දින තුනකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර සහරාන්ගේ ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වෙයි.

හිස්බුල්ලා ආණ්ඩුකාරයා සහ මේ සෞදි ජාතිකයන් පිරිස අදාළ හෝටලයේ සහ ඉන් පිටත රැඳී සිටින අයුරු දැක්වෙන සී සී ටී වී දර්ශන ඇතුලත් වීඩියෝ දර්ශන මේ වන විට නිකුත් වී ඇති අතර හදිසි නීතිය සහ ඇඳිරි නීතිය මැද මේ පිරිස කටුනායක ගුවන්තොටුපළට ගෙන ගොස් ඇත්තේ ද හිස්බුල්ලා ආණ්ඩුකාරයා බවට චෝදනා නැඟෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස