නව ජනපති දිවුරුමට ගැමුණු මහ රජු කළ රුවන්මැලි සෑ මළුව සැදී පැහැදෙයි! (photo)

November 18, 2019 at 10:59 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපති ධුරයේ ගෝඨාභය රාජපක්ෂ තව සුළු මොහොතකින් ඓතිහාසික අනුරාධපුර රුවන්මැලි සෑ මළුවේ දී දිවුරුම් දීමට සූදානම්ය.

රුහුණින් රජ රටට පැමිණ ආක්‍රමණික එළාර රජු පරාජය කර වසර 44ක පරගැති පාලනය අවසන් කළ මහරජ ගැමුණු රුවන්මැලි සෑය නිර්මාණය කළේය. ඒ ක්‍රි.පු.161-131 පාලන කාලයේය.

ථේරවාදී බුදු දහම සුරක්ෂිත කරමින් සුපෝෂණය කළ මහා විහාරයට අයත් ප්‍රධාන චෛත්‍යය වන රුවන්මැලිය සොළොස්මස්ථාන අතරින් එකක් මෙන්ම බෞද්ධයන් අතර වඩාත් වන්දනාවට පාත්‍ර වන චෛත්‍ය රාජයා වෙයි.

(ඡායාරූප මලින්ද ඩයස් ෆේස්බුක් පිටුවෙනි)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස